රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී.
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව – පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු කොමිසම හමුවට කැඳවා තිබුණා.
එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කරන්නේ ලේකම්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
ඪදසජැ ක්‍මඑ – ත්‍ධභීෑණ්
මේ අතර සාකච්ඡාවක් සඳහා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ද මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබුනා.
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව ට පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ දන්වා ඇති බව ද වාර්තා වනවා.
පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ මැතිවරණ රාජකාරි යෙදවීම වෙනුවෙන් මෙන්ම අපේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවයි.
පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු වුවත් මේ වන විට එම සංඛ්‍යාව 60,000 ක සීමාවේ පවතින බව ද සඳහන්.
උණුසුම් පුවත්
- වප් පුර පසළොස්වක පොහොය අදයි
- උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
- පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
- මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
- අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
- අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
- අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්