ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100 ක් එක් කිරීමට කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම විශේෂ තීරණය ගෙන ඇත්තේ පසුගිය මාසයේ මෙම කෞතුකාගාරයේ තිබූ රන් භාණ්ඩ කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබීම හේතුවෙනුයි.
කෞතුකාගාරයේ ආරක්ෂක පද්ධතියේ පැවති දෝෂ හේතුවෙන් එම කොල්ලය සිදු වූ බවටද හඳුනා ගැනුණා.
2026 වර්ෂය අවසන් වීමට පෙර මෙම ආරක්ෂිත කැමරා 100 සවි කරන බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.











