හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත් වීම සඳහා රජය විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කලහොත් ඕනෑම අවස්ථාවක නිල නිවසින් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා එම නිවස තුළ රැඳී සිටින්නේ ව්‍යවස්ථානුකූලව බවයි.