ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ගෑස් මිල සංශෝධනයක් නොවන බවයි.
ලාෆ්ස් ගෑස් මිලෙහි අවසන් වරට සංශෝධනයක් සිදු වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.
කෙසේ වෙතත් පසුගිය මැයි මාසයේදීද මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.
ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩයක් රුපියල් 4100ක මිලකටත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1645ක මිලකටත් මේ වන විට වෙළෙඳ පොලේ අලෙවි කෙරෙනවා.