යාපනය ප්‍රදේශයේදී 2011 වසරේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති හබයාස් කෝපුස් පෙත්සම් විභාගයේදී තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (ජූලි 30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එලෙස පැවසීය.
සිය සේවාදායකයාට එම නඩුවට සාක්ෂි ලබා දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට යෑම ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් විය හැකි බැවින් එම සාක්ෂි විභාගය කොළඹදී පැවැත්වීමේ හැකියාව පවතින්නේ නම් වඩාත් සුදුසු බව ද ජනාධිපති නීතිඥවරයා යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී වැඩිදුරටත් පැවසීය.
ලලිත් – කූගන්ගේ ඥාතීන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටියේ ය.