ලබන 23 වන දා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.
එමෙන්ම අද අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 7.4ක් නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 11.5 ක උෂ්ණත්වයක් සහ බදුල්ල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 15.2 ක උෂ්ණත්වයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව කෝට්ටේ, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ වවුනියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම් කරා ළඟා වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ.











