රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා විදුලි බල අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව එන්තරවාසි යවා තිබෙනවා.
අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මෙම එන්තරවාසි යවා ඇති බව සඳහන්.
නව විදුලිබල පනත් කෙටුම්පත හේතුවෙන් මෙරට පුරවැසියන්ට හා තමාට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් හා වරප්‍රසාද හේතුවෙන් සිදුවන අගතිය වෙනුවෙන් මෙම වන්දි මුදල ඉල්ලා එන්තරවාසිය යොමුකළ බවයි අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සදහන් කළේ.