බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල දේවගිර කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීකමදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලා තිබෙනවා.
එම ගංජා හේනේ තිබී ගංජා ගස් හැත්තෑ දෙදහසකකට අධික තොගයක් ගිනි තබා විනාශ කර ඇති බවයිපොලීසිය සදහන් කලේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගිය බවද සඳහන් වනවා.
සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද සඳහන් .
අත්අඩංගුවට ගත් අය අතරින් දෙදෙනෙක් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් සහ පෙදරේරුවෙකු බවයි වාර්තා වන්නේ.
අනෙක් පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක් .
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගුවන් මගීන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.












