හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන බවත් එය විදුලි රැහැන් එළීමේ කටයුතුවලට බාධාවක් වී ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසනවා.
එමෙන්ම විදුලිබල මණ්ඩලය පවසන්නේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු සතියකින් පමණ අවසන් වන බවයි.