ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය එළබෙන 24 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ උප පරිපාලිත ආයතනයක් වශයෙන් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය කටයුතු කිරීම හේතුවෙන් මෙම කැදවීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.