ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා..
ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයෙන් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවල පලවීමෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වුනේ.
කෙසේ නමුත් රෝහිත් තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති බවද සඳහන්.
රෝහිත් සිය ටෙස්ට් හිස්වැස්ම සහිත ඡායාරූපයක් ඔහුගේසමාජ මාධ්‍ය ගිණුමේ පලකරමින් ”සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” ලෙස දක්වමින් සිය සමුගැන්ම තහවුරු කර තිබුණා..