බස්නාහිර පළාතේ රෝහල් 31 ක සේවය කරන පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
මෙම තීරණය ගනු ලැබුවේ, බරපතල විෂමතා සහිතව සකස් කරන ලද ස්ථාන මාරු නියෝග, අද දින නිකුත් කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය නියෝග කිරීම හේතුවෙන් බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ මෙම ස්ථානමාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් සාකච්ඡා කළද කිසිදු විසඳුමක් නොලැබුණු බවයි.