බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රෝගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන් රථයක් අද(18) අනතුරට පත්ව තිබෙනවා.
නෝර්වුඩ් පොලිසිය කියා සිටියේ අනතුරට පත්වීමෙන් එම ගිලන් රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවයි.
අනතුර අද(18) පෙරවරු 11ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ ගිලන් රථයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ බොලරෝ ලොරි රථයක ඉදිරිපස රෝදය ගිලන් රථයේ පසුපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ගිල් රථයේ පසුපස රෝදයට සහ බොලරෝ සැහැල්ලු ලොරි රථයේ ඉදිරිපස රෝදයට අලාභ හානි සිදුව තිබෙනවා.
බොලරෝ ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.