2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතිකපත්‍ර ප්රදානය කරමින් නවනිපැයුම්වල වෙළෙඳපොළ වාණිජකරණය පිළිබඳ අදහස් පළ කළා ය.
එහි දී ඇය කියා සිටියේ, දක්ෂතා සහිත පාසල් මට්ටමේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ, ඉදිරි 2025 වර්ෂයේ දී ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ පාසල් රොබෝ සහ නව්‍යකරණ නමැති වෙන ම අංශයක් යටතේ ඉදිරිපත් කරමින් මෙරට ව්‍යවසායකයන්ට එම නිර්මාණ හඳුනා ගන්නටත් එමගින් එම නිර්මාණවලට වෙළෙඳ පොළ තුළ වාණිජකරණයට අවස්ථා සැලසීමටත් ක්‍රියා කරන බවයි.
නව නිපැයුම් අංශයෙන් දක්ෂතා දක්වන පාසල් දරු දැරියන්ට ඉදිරියට පැමිණීම සඳහා විවිධ තාක්ෂණික ආයතන හා විද්වතුන් සහසම්බන්ධ කරගනිමින් අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් ඇය මෙහි දී පැවසුවා ය.