රුසියානු පාලන බලය යටතේ පවතින යුක්‍රේනයට අයත් ප්‍රදේශ යළි යුක්‍රේනයට ලබාදීම සඳහා තමා උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
රුසියානු ජනාධිපතිවරයා සහ අමෙරිකා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් ලබන සිකුරාදා ඇලස්කාවේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එහිදී තමා යුක්‍රේනයට අයත් රුසියානු පාලන බලය යටතේ පවතින ප්‍රදේශ යළි යුක්‍රේනයට ලබාදීමට උත්සාහ කරන බවයි අමෙරිකාු ජනාධිපතිවරයා සඳහන් කළේ.
යුක්‍රේනයට අයත් ප්‍රදේශ රැසක බලය මේ වනවිට රුසියාව සතුකරගෙන ඇති අතර එම භූමිය තමන්ට යළි අවශ්‍ය බවයි යුක්‍රේනය සඳහන් කරන්නේ.
එමෙන්ම යුද ගැටුම් අවසන් කිරීමට මෙම සාකච්ඡා අතුරතුරදී හැකියාව ලැබෙනු ඇති බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරනවා.