රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්රේන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
එමගින් ඔවුන් කියෙව් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි ඉලක්ක කර තිබෙනවා.
නගරයේ ඇති බහු මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකටම රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් එම ගොඩනැගිලි කිහිපයක්ම අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.