රුසියානු හමුදාවට එක් වී සිටින ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු පසුගිය මස 20 වනදා වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බව ද ඔවුන් කිසිවෙකුක් බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බව ද අද පාර්ලිමේන්තුවේද අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළා.
එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන් ලෙස ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.