දියේ ගිලී රුසියානු ජාතික කාන්තාවක් බෙන්තොට ප්‍රදේශයේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (24) සවස බෙන්තොට මුහුදු තීරයේ දියනෑමට ගිය අවස්ථාවේදී අදාළ රුසියානු කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය රුසියානු ජාතික කාන්තාව වයස අවුරුදු 49ක් වූ තැනැත්තියක් බවද පොලිසිය පවසනවා.
මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමගින් මුහුදේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මරණකාරියගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













