රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(08) දින දහවල් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී කඩුවෙල පොලිසියේ නිලධාරීන්ට පිරිසක් සිදු කරන ලද වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වර් වර්ගයේ අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 47ක් පමණ වන වැලිවිට කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














