පොතුහැර සහ හොරොව්පොතාන යන ප්‍රදේශවලදී සිදු වූ මාරාන්තික රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පහුලෑව හන්දිය ආසන්නයේදී අනතුරක් සිදුව ඇති බවයි.
එහිදී හොරොව්පොතාන දෙස සිට කපුගොල්ලෑව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසුපැදිකරු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් සහ 21 වූ හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනතුරට පත් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර පොතුහැර, දම්බොක්ක සිට රඹුක්කන දෙසට ඇති අතුරු මාර්ගයේ සල්ගහමුල හන්දිය ප්‍රදේශයේදී දම්බොක්ක දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 37ක් පමණ වූ කොහිලේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.