පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රැකියා සදහා විදෙස්ගතවන පිරිස අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
පසුගිය ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 1,43,037 ක් විදේශ ගත වී ඇති බවත්, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතය පහළ යාමක් බවත් එම කාර්යංශයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වුණා.
කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.











