රාජ්‍ය සේවයට අලුතින් අට දහසකට වැඩි පිරිසක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් .
ඒ අනුව රාජ්‍ය සේවය සදහා 8,547 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙනු ඇති .
රජයේ අමාත්‍යාංශ, පළාත් සභා හා කොමිෂන් සභාවලට මේ පිරිස බඳවා ගැනීමට නියමිතයි.
මේ අතරින් වැඩිම පිරිසක් වන 5,198 දෙනෙකු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත බඳවා ගනු ඇති.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා 1,261ක් සහ බස්නාහිර පළාත් සභාවට 414ක් මෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත 355 දෙනෙකු බදවා ගැනීමට නියමිතව තිබෙනවා.











