දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා නිසා සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
අදාළ රාසායන ද්‍රව්‍ය එම පිරිසගේ දිවේ ගැවීමෙන් මෙම ආසාත්මිකතා හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.
රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටිනවා.
ඔවුන්ව ඇතුලත් කර ඇත්තේ දඹුල්ල මූලික රෝහලටයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් .
මෙහිදී සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට පැමිණියා.
සහකාර පොලිස් අධිකාරියේ එම්. එස්. කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ, අදාළ විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවයි.
ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවද ඔහු පැවසුවා..
කෙසේ වෙතත් දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවයි.