වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 28 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්ව තිබෙනවා. වාරියපොල පොලිසිය පවසන්නේ එම පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි.
එම පවුලේම තවත් පිරිසක් ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා. මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලද පිරිස අතර මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් සොහොයුරියද වනවා.
මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඩුවම් විඳ පැමිණි පිරිසක් බවටයි අනාවරණ වන්නේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














