හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
වික්‍රමසිංහ මහතා අද(12) අලුයිම් කාලයේදී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනපතිවරයාගේ මෙම සංචාරයේදී තවත් යුරෝපීය රටවල් කිහිපයකටද යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජුනි මස 22 වන දින රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර සංචාරය අතරතුදී වික්‍රමසිංහ මහතා දේශන කිහිපයකටද සහභාගිවීමට නියමිත බවටයි වාර්තා වන්නේ.