දඹදෙණිය ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල, ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිත බවයි.
මෙම පෙරහැර අලි ඇතුන් ඇතුළු නර්තන ශිල්පින්ගෙන් සමන්විත අංග 75කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා ඇති අතර පෙරහැර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසකගේ පැමිණීම අපේක්ෂා කරන බවයි පොලිසිය පවසන්නේ.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.