ජපානයේ රතු සහලින් නිෂ්පාදනය කරන ශක්තිජනක ආහාර අතිරේක වර්ග තුනක් වහාම රට පුරා පිහිටි ගබඩාවලින් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවලින් ඉවත් කරන ලෙස එරට රජය විසින් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජපාන රජය මේ නියෝගය සිදු කර ඇත්තේ පසුගියදා එම ශක්තිජනක ආහාර අතිරේක ලබාගත් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට සිදුවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.