රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
මහජන ආරක්සක අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද(24) දින දවස කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගැනීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිසිය වෙත භාරදී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34ක් වන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුට එහෙිව අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයන්හි නඩු පවා ඇති බවද පොලිසිය පවසනවා.
2015 වර්ෂයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2018 වර්ෂයේදී කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල ලබාදීම, 2021 වර්ෂයේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2021 වර්ෂයේදීම කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීම සහ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, බ්ලුමැන්ඩල් යන පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම එම චෝදනායි.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම මත සිදු කරනු ලබනවා.













