මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබුනා.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද රු. 335,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.