රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී අද උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් 23 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.