රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දු වලට අත ඉස්සු,පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර, බුල්නෑව නගරයේදී ජාතික ජන බලවේගයේ ගොවි රැළිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ජන බලවේගය විසින් රටපුරා පවත්වන ගොවි රැලි මාලාවේ බුල්නෑව රැලිය පවත්වනු ලැබුවේ බුල්නෑව නගරයේ දී යි. ජාතික පුනරුදයක් වෙනුවෙන් ගොවිජන බලය ගොඩනඟන මාලිමාවේ බුල්නෑව ගොවි රැලිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් නායක වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.