සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින් විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට තිබෙනවා.
අගය එකතු කළ බද්ද ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කළා.
2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇති බවත්, එය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසත් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
උණුසුම් පුවත්
- කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
- ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි











