විස මත් ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම ජාතික වැඩසටහන පෙරවරු 10 ට ආරම්භ වනු ඇති.
මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙම වැඩසටහන යටතේ පෙන්වා දෙනවා.
රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬපැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කිරීම මෙම ජාතික ව්‍යාපාරයේ අරමුණයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ ලබා දීම සහ නිලධාරීන් පුහුණු කිරීම ද මේ යටතේ සැලසුම් කර තිබෙනවා.













