ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.
කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ.
අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
කෙසේ වුවද සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරන්නේ 2026 අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමාණවත් තරම් මුදල් වෙන්කර ඇති බවයි.
ඒ අනුව රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත් වනවා.
එමෙන්ම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්චාවක් පැවැත්වුණා .
එහිදී සාධනීය කරුණු රැසක් පිලිබදව ගුණාත්මක සාකච්චාවක් පැවැත්වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ .
කෙසේ වෙතත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබදව මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කලේ
මේ අතර රජයේ රෝහල්වල අද දිනයේ සාමාන්‍ය පරිදි ප්‍රතිකාර සේවා සිදුකෙරුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දිනයේ රෝහල් වෙත පැමිණි ජනතාවද මෙලෙස අදහස් පල කළා .
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉතා අසාධාරණ බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා .
එහි ප්‍රධාන ලේකම් එස් .බී මැදිවත්ත මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.











