ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නා.
ඒ යටතේ යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබුණා.
මේ වනවිට තොරතුරු වාර්තාවෙන පරිදි ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා.