යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණියක වන ඩේසි වික්‍රමසිංහ යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් ඩේසි වික්‍රමසිංහ මහත්මිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ, 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් හා දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා යෝෂිත රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනුනු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කෙරුණා.