එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබෙනවා.
මොවුන් මහනුවර , ගාල්ල සහ කොළඹ ක්‍රිකට් තරග සංචාරයේ නියැලෙන අතර ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථානය , සුන්දර වෙරළ තීර , වනෝද්‍යාන , විවිධ දේශගුණික කළාප නැරඹීමට ද නියමිතයි.
මෙම ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින සිට 11/03 දින දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග වලට සහභාගී වෙමින් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.










