ලොව දරුණුතම ආහාර අර්බුදයට යේමනය මුහුණ දී සිටින බවට ආධාර කණ්ඩායම් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආධාර කප්පාදුව , යුධ ගැටුම් හා ආර්ථික බිඳ වැටීම් හේතුවෙන් මිලියන ගණනක යේමන වැසියන් සාගත තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ජාත්‍යන්තර ගලවාගැනිමේ කමිටුව පෙන්වා දෙන්නේ.
ලොව වඩාත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ජාතීන්ගෙන් එකක් ලෙස යේමනය සැලකෙනවා.
මෙම වසරේ මුල් භාගයේ දී එරට ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවකට එනම් මිලියන 18 කට පමණ දරුණුවන කුසගින්නට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
එමෙන්ම යේමනය ආහාර හිගයේ භයානක නව අවධියකට පිවිසෙමින් සිටින බවද ජාත්‍යන්තර ගලවාගැනීමේ කමිටුව පවසනවා.










