දකුණු යුරෝපයේ ප්‍රදේශ රැසක් පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ එරට උෂ්ණත්ව මට්ටම සෙල්සියස් අංශක 40 ඉක්මවීම හේතුවෙන් .
මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාව තම නිවෙස්වලින් බැහැරව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
එමෙන්ම ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවලටද රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම යාම හේතුවෙන් සෞඛ්‍යයට සැලකිය යුතු අවදානම් තත්ත්වයක් ඇති බවටයි එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ .
විදෙස් මාධ්‍ය වාර්තා කලේ රට පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සොල්දාදුවන් 1,000ක් පමණ යොදවා ඇති බවයි
කෙසේ වෙතත් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තව දුරටත් අභියෝගාත්මක විය හැකි බවට ග්‍රීක බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.