ෆින්ලන්තයේ පැවැත්වෙන ටැම්පරේ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.
ඔහුගේ තරග නිමි කාලය තත්පර 6.66 ක්.
එම දක්ෂතාව මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය වීම ද විශේෂත්වයක්.
එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට එක් වූ යුපුන් එහිදී තත්පර 6.69 කින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්ථානය හිමි කරගත්තා.