යුද හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා තීරණය කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඉකුත් 7 වැනිදා මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයක් හේතුවෙන් මියගියේ යැයි කියන අතිරාමන්නසිංහම් කපිල්රාජ් නම් (32) හැවිරිදි තරුණයාගේ සිරුර ඉකුත් 9 වැනිදා මුත්තු අයන්කට්ටු පොකුණක තිබී සොයාගත් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
යුක්තිය ඉල්ලා සහ හමුදාවේ අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව පැවැත්වීමට නියමිත එම හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගයද ලබාදෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
තවද යුද්ධය අවසන් වී වසර 16කට පසුවත් මෙවැනි අමානුෂික ක්‍රියා සිදුවන බවත් එය පිළිගත නොහැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන්.