යුක්රේනයේ පවතින යුද ගැටුම් අතරතුර උතුරු කොරියානු සෙබළුන් දහසකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
එමෙන්ම තවත් යුද බටයින් 4000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා උතුරු කොරියානු හමුදා බටයින් 11,000 ක් පමණ යුක්රේනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් උතුරු කොරියානු හමුදා භටයින් නිසි සූදානමකින් තොරව යුක්රේන යුද ගැටුම් සදහා යොමු කර ඇති බවයි දකුණු කොරියානු බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇත්තේ.