රුසියාව විසින් යුක්රේනයේ පොල්ටාවා නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, සුන්බුන් අතර සිටි පුද්ගලයින් 22 දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර ඇති බව සඳහන්.