යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව විසින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 159 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය ගිය පිරිස අතර ළමුන් 5 දෙනෙකු සිටින අතර වයස අවුරුදු දෙකක දරුවකුද ඒ අතර වන බවයි අණාවරණය වී ඇත්තේ.
ප්‍රහාරය හේතුවෙන් යුක්‍රේණය තුල ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක්සත් ජනපද ජනපති ඩොනල්ට් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
යුරෝපා සංගමයේ රටවල් විසින්ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
යුක්‍රේන ජනපති ව්ලොධිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රුසියාව මේ වන විට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් එක්සත් ජනපද ජනපති වැඩි දුරටත් සදහන් කර ඇත්තේ යුක්‍රේණයට වැඩි ආයුධ ප්‍රමාණයක් සැපයීම සහ රුසියාවට අදික සම්බාදක පැනවීමක් සිදු කිරීම තුලින් යුද්ධය අවසන් කිරීම සදහා හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
- නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
- සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
- ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
- අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
- මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි














