යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව විසින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 159 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය ගිය පිරිස අතර ළමුන් 5 දෙනෙකු සිටින අතර වයස අවුරුදු දෙකක දරුවකුද ඒ අතර වන බවයි අණාවරණය වී ඇත්තේ.
ප්‍රහාරය හේතුවෙන් යුක්‍රේණය තුල ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එක්සත් ජනපද ජනපති ඩොනල්ට් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
යුරෝපා සංගමයේ රටවල් විසින්ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
යුක්‍රේන ජනපති ව්ලොධිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රුසියාව මේ වන විට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් එක්සත් ජනපද ජනපති වැඩි දුරටත් සදහන් කර ඇත්තේ යුක්‍රේණයට වැඩි ආයුධ ප්‍රමාණයක් සැපයීම සහ රුසියාවට අදික සම්බාදක පැනවීමක් සිදු කිරීම තුලින් යුද්ධය අවසන් කිරීම සදහා හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
උණුසුම් පුවත්
- උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
- පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
- මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
- අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
- අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
- අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
- සැප්තැම්බර් මාසයේ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක්