ගිනිකොනදිග යුක්‍රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරවලින් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
මෙම ප්‍රහාරයෙන් පාසල්, රෝහල් සහ මගී දුම්රියකට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ,
එමෙන්ම, ඊසානදිග සුමි නගරයේ සිදු වූ තවත් ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.