තංගල්ල මාර්ගයේ වෙරළ පාර ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතර දෙස සිට වෙරළ පාර ඔස්සේ ගන්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී, පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වූ වල්ගම, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.













