මෝසම් වර්ෂාවෙන් ඉන්දියාවේ මුම්බායි ඇතුළු නගර රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
සාමාන්‍යයෙන් මෝසම් වර්ෂාව වසරේ ආරම්භවන දිනට දින 16කට පෙර මෙවර වර්ෂාව ආරම්භ වී ඇති බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරනවා.
සාමාන්‍යයෙන් මුම්බායි නගරයට මෝසම් වර්ෂාව ආරම්භ වන්නේ ජුනි මස 11 වන දින සිටයි.
නියමිත දිනට වැඩිම දින ගණනකට පෙර මුම්බායි නගරයට මෙවර වර්ෂාපතනය ලැබී ඇත්තේ වසර 75කට පසුවයි.
අධික වර්ෂාව හේතුවෙන් මුම්බායි නගරයට ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
ගුවන් හා දුම්රිය ගමන් වාර රැසක් ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර මාර්ග තදබදය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්ථයට ද වසර 35කට පසු මෝසම් වර්ෂාව කලින් ලැබී තිබෙනවා.