මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද අලුයම වැල්ලම්පිටිය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 15ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අධික වේගයෙන් පැමිණ ඇති මගි බස් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථය පිටුපස ගැටීඇති අතර නවතා තිබූ අනෙකුත් වාහන රැසකටද අලාභ හානි සිදුව ඇති බව ද සදහන්.