ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
මේ අතර මිහින්තලා රජය මහාවිහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන ස්වාමීනවහන්සේ ද පවසන්නේ 2022 වසරට පෙර පැවති ආකාරයටම රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට අවශ්‍ය රාජ්‍ය මැදිහතවීම සිදුව ඇති බවයි.
මිහිදු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමක් ලෙස පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සති පිරිතෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පොසොන් උත්සවය රාජ්‍ය මැදිහත්වීම මත සිදු කිරීමටද සියලු කටයුතු යොදා තිබෙනවා.