මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මේ බව සදහන් කළා.
ඔහු අවධාරණය කළේ මෙරට සමස්ත භූමියෙන් සියයට 30%ක් නායයෑමේ අවධානම් තත්ත්වයෙන් පසුවන බවට හදුනාගෙන ඇති බවයි.
එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් .
දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













